පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් ඊයේ (13) දින දහවල්කාලයේ සිට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වැඩකටයුතු තාවකාලිකව නතර කර තිබූ අතර එය යලිත් අද (14)දින උදෑසන 08.00 සිට පෙර පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වැඩකටයුතු ආරම්භ කර ඇති බව වාර්තාවේ.
එහි ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කර ඇත්තේ ඊයේ දින භාර ගන්නා ලද අයදුම්පත් අද දිනයේ නිකුත් කිරීමට වැඩකටයුතු සිදුකෙරෙමින් පවතින බව හා අද දින යලිත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නොහැකි අය හට කුරියර් මගින් නිවසටම ගමන් බලපත්‍රය ලබාදීමට කටයුතු කරන බවයි.
ඒ මහතා වැඩි දුරටත් පවසමින් දැනුන දී ඇත්තේ ගමන් බලපත්‍ර සැකසීමට වේලාවන් වෙන් කරගෙන සිටින ජනතාව එම දිනට පසු දින ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසයි.
