ආදානී NDTV ආක්‍රමණය කළ වගයි.

Indian billionaire Gautam Adani addresses delegates during the Bengal Global Business Summit in Kolkata, India April 20, 2022. REUTERS/Rupak De Chowdhuri - RC2WQT9C8YGF

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගෞතම් ආදානී කටයුතු කර ඇත.

ආදානී සමාගම තම එකඟතාවයකින් තොරව එම මිලදී ගැනීම් සිදු කර ඇති බවයි ආදාළ කොටස් ගනුදෙනුවෙන් පසුව NDTV ආයතනයේ මුල් හිමිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ නමුත් ඊට ප්‍රතිචාර දැක්වූ ආදානි සමාගම ප්‍රකාශ කළේ තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ 29.18% ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බවයි.

අදානි සමාගම වැඩිදුරටත් සඳහන් කළේ පිළිගත් රෙගුලාසි යටතේ එහි තවත් 26%ක කොටස් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

Exit mobile version