ආනයනික අර්තාපල් බදු 20 සිට 50දක්වා.

ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව සදහන් වේ.

ඒ අනුව ඊයේ දින තෙක් ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක්ව පැවති වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් මෙම බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි  වාර්තා වී ඇත්තේ.

Exit mobile version