ආනයනික පළමු බිත්තර තොගය දිවයිනට.

රටේ පවතින බිත්තර හිගය සහ මිල පාලනය කිරීම සදහා බිත්තර ආනයනය කිරීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 2කට ආසන්න පළමු බිත්තර තොගය මෙම සතිඅන්තයේ දිවයිනට ආනයනය කිරීමට නියමිත බව වාර්තා වේ .

මෙලෙස ආනයනය කරනු ලබන බිත්තර බේකරි නිශ්පාදන සදහා පමණක් යොදා ගන්නා බවත් වෙළදපොළ තුළ පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට අවසර නොදෙන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා දැනුම් දුන් බව වාර්තා වේ.

එමෙන්ම බිත්තර ආනයනය සදහා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව කියයි.

Exit mobile version