මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ 2021 වසරේ ජුලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුලි මාසය වනවිට ආනයන වියදම 25% කින් අඩු කරගැනීමට හැකිවී ඇති බවයි.
අමාත්‍යවරයා පෙන්නුම් කරන්නේ 2021 වර්ෂයේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු මාසයේ දී අපනයන ආදායම 90% ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
මෙරට සමස්ත ආදායම 2022 අගෝස්තු 31 වන දිනට රු.බිලියන 1,232.4ක් ලෙස සටහන්ව තිබෙන අතර එම කාල පරිච්ඡේදය තුළ දී රටේ සමස්ත වියදම රු.බිලියන 3,539ක් ලෙස සටහන්ව ඇත.
එමෙන්ම දැනට 8%ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11%ක් දක්වා ඉහළ නැංවිය යුතු බව අවධාරණය කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවට කිසිදු අතිරේක පීඩනයක් එල්ල නොවිය යුතු බවයි.
ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අවම වශයෙන් රාජජ්‍ය ආදායම රු.බිලියනකින් පමණ ඉහළ නංවා ගැනීමේ අභියෝගය රට හමුවේ පවතින බවයි.
