ලංකාවේ ඇති සමහර ආපනශාලා ප්‍රමිතියෙන් තොර බවයි පැවසෙන්නේ.
මහජන සෞබ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සිදුකර ඇති සමීක්ෂණයකට අනුව ලංකාවේ ආපන ශාලාවලින් 18% ක් මහජන පරිබෝජනයට නුසුදුසු ආහාර පාන ඇති බවට හා ප්‍රමිතියෙන් තොර ඒවා බව වාර්තා වී ඇති බව මහජන සෞබ්‍යය පරීක්ෂකවරුන් සදහන් කර ඇති බව පැවසේ.
වාර්තාවන ආකාරයට මෙම තත්වයට හේතුව ලෙස මහජන සෞබ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා ඇත්තේ ස්ථිර සේවකයන් ආපන ශාලා තුල නොමැති කම මෙම තත්වයට බලපා ඇති බවයි.
(චායාරූප අන්තර්ජාලයෙන්)
