ආපන ශාලාවක පිපිරීමක්

අද (04) අලුයම වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ ආපනශාලාවක පිපිරීමක් සිදුව ඇත.

අදාළ පිපිරීමෙන් එහි සේවකයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.

පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනාවරණය වී ඇත්තේ අවන්හලේ තිබූ ගෑස් ටැංකියක් පිපිරීයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Exit mobile version