ආරවුලක් ඝාතනයකින් කෙලවර වෙයි.

ඊයේ (28) රාත්‍රියේ පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මයිල්කුන්ජම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.

පහරදීම සිදුකළ පුද්ගලයාද තුවාල ලබා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාංචෝල රෝහලට මාරුකර යවා ඇති බව සඳහන් .

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මාංචෝල රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

Exit mobile version