ආර්ථික අර්බුදය හමුවේ ප්‍රථම රාජකාරිය කරගත යුතු පිරිස මහ බැංකු අධිපති නම් කෙරේ.

මහ බැංකු අධිපති ,ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම්ලාභීන් වන බවයි.

එනිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු අවශ්‍යතාවයක් පවතින බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම”  යන මැයෙන් ඊයේ (31) පාර්ලිමේන්තු සංකීර්නයේ දී පැවති සංවාදමය කථිකාවතකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආර්තිකය ස්ථාවර කිරීමට ආර්තික සංවර්ධන වේගය ධන මට්ටමකට ගෙන ඒම සහ උද්දමනය පාලනය කිරීම සිදුකළ යුතු බවයි.

Exit mobile version