ආලේපන තොගයක් සමග තරුණියක් අත්අඩංගුවට.

නමක් හෝ කිසිදු විස්තරයක් සදහන් නොකොට සාදන ලද ආලේපන තොගයක් සමග තරුණියක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 වන තරුණියකි.

මැය විසින් මෙම ආලේපන තොගය අන්තර්ජාලය හරහා අලෙවි කරමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය  මෙම තරුණිය හා භාණ්ඩ  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් ආලේපන තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණ වන බව වාර්තාවේ.

Exit mobile version