ආහාර සාම්පල පරික්ෂා කරන රසායන ද්‍රව්‍ය හිගයක්.

ආහාර සාම්පල පරික්ෂා කරනු ලබන රසායනාගාර තුළ රසායනික ද්‍රව්‍යවල හිගයක් පැවතීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර තිබේ.

පොල්තෙල් ,එළගි තෙල් ,සෝයා මීට්,යෝගට් පානය,තේ, සෝස් ,මාළු,මස්,මිරිස්,රටකජු,සමපෝෂ,බටර් වැනි ආහාර ද්‍රව්‍ය තුළ පවතින ශරීරයට අහිතකර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට මෙමගින් බාධා එල්ල වී ඇති බව සදහන්.

Exit mobile version