අද (03) අලුයම වස්කඩුව , පොකුණවත්ත පාරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් තිබූ මුද්‍රණ යන්ත්‍රයක් පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි අයෙකුගේ හිස එම මුද්‍රණ යන්ත්‍රයේ ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කළුතර උතුර පොලිසිය විසින් සිදු කරන බව සදහන්.
