ඇග විකිණූ කතුන් 12ක් මාට්ටු.

කඩුවෙල නගරයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කාන්තාවන් මුදලට විකිණූ ස්ථාන හතරක් වටලා කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ලද පැමිණිලි කිහිපයක් මත කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි අධිකරණ නියෝග මත ලබා ගත් වරෙන්තු අනුව අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 12 දෙනෙකු සහ කළමණාකරුවන් ලෙස සේවය කළ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකුද වන බව සදහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තෙ කිරිදිවැල ,බළංගොඩ ,හංවැල්ල ,බියගම ,පොළොන්නරුව ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සැකකාරියන් වයස අවුරුදු 20 ත් 40 ත් අතර පසුවන විවාහක කාන්තාවන් බවද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සැකකරුවන් සහ සැකකාරියන් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version