ඇඳිරිනීතිය හෙට පෙරවරුවේ ඉවත් කෙරේ?

අද දිනයේ දී යළිත් රට තුළ කලහකාරී තත්ත්වයන් වාර්තා නොවුනහොත් හෙට උදෑසන රට තුළ පනවා ඇති ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කර ඇත.

ඒ අද උදෑසන පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඒ අනුව දැනට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12) පෙරවරු 06.00ට ඉවත් කිරීමට කටයුතු කරන බව එහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන ලදී.

Exit mobile version