ඇබකස් ඔලිම්පියාඩ් පදක්කම් 18ක් දිවයිනට රැගෙන ආ පුංචි කැකුළු.

පසුගියා දා ඇබකස් ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරඟාවලිය සිංගප්පූරුවේ දී පැවැත්වින.මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් විසින් පදක්කම් 18ක්  ලබා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව අද (23) අලුයම ඔවුන් කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

මෙම ඇබකස් ඔලිම්පියාඩ් තරඟාවලිය සැලකෙන්නේ වයස් කාණ්ඩ අනුව පැවැත්වෙන ලොව වේගවත්ම ගණිත තරඟාවලිය වශයෙනි.

රටට මෙවැනි ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් මේ ගණිත හපනුන්ට රාවණා ලංකා අපේ උණුසුම් සුබ පැතුම්.

Exit mobile version