රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතාට මීට ටික වෙලාවකට පෙර ගෑස් පෝලිමකදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කෑගල්ල රන්වල අලුත් පාර හන්දියේ ගෑස් බෙදා හැරීමේ ආයතනයක අලෙවි සල ඉදිරියේදී එම සිදු වීම සිදු වී ඇති අතර ගෑස් පෝලිමේ සිටි ජනතාව මෙසේ අමාත්‍යවරයාට පහර දී තිබේ.
රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්රෝ ගෑස් නියෝජිතයා බවද මෙම පහර කෑමට ලක් වූ ස්ථානයේ තිබෙන ආයතනයද පවත්වාගෙන යන්නේ ඔහු බවද වාර්තා වේ. මේ ස්ථානය මග හැර යාමට උත්සාහ කල අමාත්‍යවරයාට ජනතාව පහර දී එම ස්ථානයේ විරෝදතාවක්ද පවත්වා තිබේ.
