දකුණු චීන මුහුදේ කඩාකප්පල්කාරී හා අනාරක්ෂිත ක්‍රියාකාරකම් සිදු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විසින් චීනයට අනතුරු ඇගවීම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ පිලිපීන නාවික යාත්‍රාවකට චීනය විසින් අවහිරතා සිදු කර ඇති අතර මීට පෙරද එවැනි අවස්ථා කිහිපයක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
