ඇඹිලිපිටියේ ජනතාවට බස් නැවතුමේ වල කැපේ

ඇඹිලිපිටිය ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ කඩතොලු වී සැකසී ඇති විශාල වළවල් 02ක් හේතුවෙන් මගීන් මෙන්ම බස්රථ රියදුරන් ද මහතා අපහසුතාවයකට ලක්ව ඇත.

ඉන් එක් වළක් බස් නැවතුම්පොළ වෙත පිවිසෙන ස්ථානයේත් අනෙක් වළ උඩවලව හා සූරිය වැව බස් රථ  පිටවන ස්ථානයේත් පිහිටා ඇති අයුරු පැහැදිලිව දක්නට ලැබේ.

මාස ගණනක සිට ජනතාව මේ හේතුවෙන් පත්ව ඇති පීඩාව මේ වන තෙක් බලධාරීන් ඇස ගැටී නොමැත.

Exit mobile version