ඇඹිලිපිටිය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවේ රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලය හෙට දින වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
එයට හේතු වන්නේ ඇඹිලිපිටිය ලංගම ඩිපෝවේ වැඩ කරන රියදුරෙකුට ඇඹිලිපිටිය ප්‍රදේශයේ මැර කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමත් එම මැර කණ්ඩායම මෙතෙක් පොලිසිය අත්අඩංගුවට නොගැනීමත් බවට අපට තොරතුරු අනාවරණය වී තිබේ.
ලංගම බස් රථය ගමන් ආරම්භ කරන වෙලාවටම බලපත්‍ර රහිත බස් රථයක් ගමන් කිරීම නිසා පසුගිය දිනක මහජනතාවට අයත් ලංගම ඩිපෝවේ බස් රථයකට ප්‍රදේශයේ මැර කණ්ඩායමක් පහර දී අලාභ හානි සිදුකර ඇති බව සඳහන්.
එම සිද්ධිය ඇඹිලිපිටිය පොලිසිය මඟින් විභාග කර දෙපාර්ශවය සමථයකට පත්කර තිබේ.
කෙසේ නමුත් ලංගම බස් රථය මහජන දේපලක් වන බැවින් එය පොලිසිය සමථයට පත් කළේ කුමන ආකාරයකින්ද යන්න අපට තොරතුරු වාර්තා නොවේ.
මහජන දේපලකට යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හානි කළහොත් කටයුතු කළ යුතු ආකාරය නීතිය මඟින් පෙන්වා දී තිබේ. නමුත් එම ක්‍රියාවලිය එසේම සිදු වුයේද යන්න අනාවරණය නොවේ.
ඒ කෙසේ වෙතත් මෙම මැර කණ්ඩායම ම නැවතත් අද (30) දින උදෑසන රාජකාරියට වාර්තා කරමින් සිටි අදාළ ලංගම බස් රථ රියදුරාට නැවතත් පහර දී තිබේ.
ඔහු මේ වන විටත් ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
මෙම සිද්ධියට අයත් පෞද්ගලික බස් රථ ධාවනය කරන්නේ බලපත්‍ර නොමැතිව වුවත් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ වන තෙක්ම කටයුතු කර නැති බවටද චෝදනා එල්ල වේ.
එසේම පෞද්ගලික බස් රථ හිමිකරු ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග සමීප සබඳකම් තිබෙන බැවින් ඔහුට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන බවටද චෝදනා එල්ල වී තිබේ .
අප මෙම චෝදනාව පිළිබඳව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙන බවයි.
නමුත් අපට ලැබී තිබෙන විශ්වාසවන්ත තොරතුරුවලට අනුව ඇඹිලිපිටිය පොලිස් නිලධාරීන් ගණනාවක් මෙම බස් රථ හිමිකරුගෙන් යැපෙන්නෝ වන අතර සමහර නිලධාරීන්ගේ ගමන් බිමන් යාම සඳහා ඔහුගේ රථ වාහන පවා ලබා දී තිබෙන බවට කරුණු අනාවරණය වේ.
කෙසේ නමුත් ඇඹිලිපිටිය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහට එවැනි චෝදනාවක් එල්ල නොවේ.
කෙසේ නමුත් එම පෞද්ගලික බස් රථ හිමිකරු මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වන අතර ඔහුගේ දේශපාලන සබඳකම් නිසා මෙසේ මැර ක්‍රියා සිදුකරමින් ප්‍රදේශයම භීතියට පත්කරමින් සිටී. ප්‍රදේශයේ පොලිස් ලොක්කෝ මොහු ළඟ දෙකට නැමෙන බැවින් ප්‍රදේශයේ මහජනතාව පොලිසියට දැඩි අප්‍රසාදයක් ප්‍රකාශ කරයි.
පුද්ගලික බස් රථ හිමිකරු වෙනුවෙන් වරප්‍රසාද දෙන පොලිසිය ඔහුටද සිදුකරනුයේ දැඩි අපරාධයකි. ඔහුගේ මැරකම් අවසන් කර යහපත් මිනිසෙකු බවට පත්කිරීමට පොලිසියට හැකිය.
ඔහු දිගින් දිගටම මෙසේ කිරීමෙන් මතු දිනයක ඔහුට සිදුවන හානිය පහදා දී ඔහුව යහපත් මිනිසෙකු කරවීම සිදු විය යුතු වුවත් ඔහුගෙන් යැපෙන පොලිස් නිලධාරීන්ට මේ පිළිබඳව සිතීමට මොලේ කලදක්වත් නැත.
නමුත් එක් වැරදුනු අවස්ථාවක සියලුම මැරකම් වලට දඬුවම් ලැබිය හැකි බවත්, දේශපාලන වෙනස්වීම් දිනක ඔහුට මරණය පවා කැඳවිය හැකි බවත්, එහි ආදීනවත් කියා දීමට තරම් උවමනාවක් ඔහුට සමීප පොලිස් නිලධාරීන්ට නොමැති බවත් පැහැදිලිය.
කෙසේ නමුත් පොලිසියට මේ චෝදනාව එල්ල වන්නේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක නොකරන බැවිනි. ඔවුන් නීතිය ක්‍රියාත්මක කිරීම හෝ අදාළ පෞද්ගලික බස් රථ හිමිකරුට ලියාපදිංචිය දී කාලසටහනක් හෝ ලබා දුන්නේ නම් මේ ගැටලුවට පොලිසිය මැදිහත් වන්නේ නැත.
රටක් ලෙස ඉදිරියට යාමටත්, රට සාමකාමි කිරීමටත් මහජන සාමය අත්‍යාවශ්‍ය වේ. එය යහපත් ලෙස පවත්වාගෙන යාමට ඇඹිලිපිටියේ සිද්ධියට සම්බන්ධ බව කියන පෞද්ගලික බස් රථ හිමිකරුගේ සහයත් අවශ්‍ය වේ. නීතිවිරෝධී කටයුතු නොකිරීමටත්, සාමකාමී වීමටත් ඔහු නිහතමානී විය යුතුය.
පොලිස් නිලධාරීන්ද නීතීය ක්‍රියාත්මක කිරීමටත්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් පෞද්ගලික බස් රථ හිමිකරුට අවශ්‍ය දේ නීත්‍යානූකූලව ලබා දීමටත් දැනගත යුතුය.
කෙසේ නමුත් වාර්තා වන ආකාරයට අදාළ සැකකරුවන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගතහොත් වැඩවර්ජනය අත්හිටවන බවට ඩිපෝව සේවකයන් ප්‍රකාශ කරයි .
