විශේෂඥ වෛද්‍යවරු නොමැති වීම හේතුවෙන් හදිසි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගින් වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට සිදු වීම නිසා ඇඹිලිපිටිය රෝහල දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවට වාර්තා වේ.
මෙලෙස රෝගින් කරාපිටිය ,මාතර,හම්බන්තොට හා රත්නපුර රෝහල වෙත මාරුකර යවා ඇති බැවින් අත්‍යවශය හා හදිසි සැත්කම් කළ යුතු රෝගීන් රෝහල වෙත යොමු කිරීමෙන් වලකින ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.ඩබ්ලිව්.එස් .බණ්ඩාර මහතා ඉල්ලා සිටී.
