ඉංධන ලබා දෙන ආකාරය සංශෝදනය වෙයි

වාහනයේ ලියාපදිංචි අංක අනුව ඉන්ධන ලබාදෙන දින සංශෝධනය කර තිබේ. මීට පෙර ප්‍රසිද්ධකල දිනයන් ඒ අනුව වෙනස් වේ.

එළඹෙන ජූලි 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සඳහා වන වාහන අංක තහඩු වල අවසාන ඉලක්කම් ක්‍රමවේදය වෙනස් වු ආකාරය විදුලි බල හා බලශති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ඒ අනුව,
0,1,2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 – සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයද
වශයෙන් එම සංශෝධනය කිරීම සිදු කර තිබෙනවා.

එසේම ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේත පරීක්ෂාවක් ජූලි 21 සිට 24 දක්වා කොළඹ ස්ථාන කිහිපයක දී සිදු කරන බව ද අදාළ පණිවිඩයේ සඳහන් කර තිබේ.

Exit mobile version