ඉතාලිය සදහා ශ්‍රමිකයින් බදවා ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ

ඉතාලියේ රැකියා සදහා ශ්‍රී ලංකාව සහ යුරෝපීය නොවන රටවලින් ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා ලබන 27 වනදා සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ එරට රජය අයදුම්පත් කැදවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය පවසා තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව රැකියා 82,702 කට ශ්‍රමිකයින් බදවාගන්නා අතර ,ට්‍රක් රථ රියදුරන් ,ඉදිකිරීම් හා හෝටල් ක්ෂේත්‍රය ,යාන්ත්‍රික හා විදුලි කාර්මික,විදුලි සංදේශ ,ආහාර කර්මාන්තය ,නාවික,සංචාරක හා කෘෂි වගා ආදී ක්ෂේත්‍රවල රැකියා සදහා සුදුසුකම් ඇති පුද්ගලයන්ට ඊට අයදුම් කළ හැකි බවට වාර්තා කර තිබේ.

Exit mobile version