ඉන්දියානු ඛේදවාචකයට හේතු හෙළි වේ.

පසුගියදා ඉන්දියාවේ සිදු වූ විශාල ඛේදවාචකයට හේතුව මේ වන විට අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කඩා වැටීමට ලක් වූ පාලම අළුත්වැඩියා කිරීමෙන් අනතුරුව එය විවෘත කිරීමට කටයුතු කර ඇත්තේ  බලධාරීන්ගේ යෝග්‍යතා සහතිකයකින් තොරව බවට මේ වන විට අනාවරණය වී ඇත.

ඊයේ (30) දිනයේ මෙම පාලම කඩා වැටී ඇත්තේ අලුත්වැඩියා කිරීමෙන් සතියකට පමණ පසුවය.

මෙම පාලන බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර වූවක් බව සඳහන් වේ.

කෙසේ නමුත් මෙම පාලමේ අලුත්වැඩියා කටයුතු සඳහා මාස 08 – 12ත් අතර කාලයක් වසා දැමීමට පියවර ගැනුන ද එය නියමිත කාලයට ප්‍රථමයෙන් ඉදිකිරීම් කටයුතු අවසන් කර ජනතාවට විවෘත කර ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් 141ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Exit mobile version