ඉන්දියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයට පැන්න හොරු අල්ලයි.

පසුගියදා ඉන්දියානු වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානයට පැන එහි ඇති භාණ්ඩ යම් කිසි පිරිසක් විසින් සොරා ගෙන තිබූ අතර එම සිද්ධියට සම්බන්ධ සොරුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය වාර්තා කරයි.

මෙම සොර කල්ලියේ සැකකරුවන් දෙදෙනෙකු සහ එක් සැකකාරියක් සිට ඇති බව කියයි. ඔවුන්වැල්ලවත්ත සහ කිරුලපන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මොවුන් සොරා ගත් භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ 3ක් පමණ වන බව පොලීසිය ප්‍රකාශ කරන ලදී .

මෙම සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ .

Exit mobile version