ඉන්දියාවේ ණය සල්ලිවලින් යකඩ ගේන්න හදයි.

පසුගියදා ඉන්දියාවෙන් ඩොලර් මිලියන දාහක ණය මුදලක් ලබා දුන්නේ අත්‍යාවශ්‍ය කෑම බීම සහ ඖෂධ ලබා ගැනීමටයි.
අවුරුදු තුනකින් පසුව ගෙවීමට එසේ ලබා දුන් ණය මුදලින් මේ වනවිට මිලියන 250 ක් වියදම් කර තිබෙන බවද ඩොලර් 750 ක් පමණ ඉතිරිව තිබෙන බවද වාර්තා වේ.

එම ඉතිරි මුදල් වියදම් කර යකඩ මිලදී ගැනීමට සැලසුම් කරන බවද, මේ පිලිබදව පාර්ශ්වයන් රැසකගෙන් විරෝධය පලවී තිබෙන බවද වාර්තා වේ. ඒ සදහා අදාළ අමාත්‍ය අනුකමිටුව සැලසුම් කර තිබෙන බවද වැඩි දුරටත් සදහන් වේ.

කෙසේ වුවත් මේ පුවත අප විසින්ම සත්‍යාපනය කරගැනීමට අදාළ පාර්ශ්වයන් දුර්කතනය හරහා සම්බන්ධ කරගැනීමට උත්සාහ කලද එය ව්‍යර්ත විය. අප විසින්ම මෙය සත්‍යාපනය නොකලද එසේ නොවේ යයි කීමට නොහැකි තරමට අපගේ පාලකයන් කටයුතු කරන අතර මෙතෙක් කාලයක් කටයුතු කර තිබෙන්නේ කෙසේද යන්න පැහැදිලිවම අප සියලු දෙනාම අත් විදිමින් සිටිති.

Exit mobile version