ඉන්දියාවේ විද්‍යුත් යතුරු පැදි ප්‍රදර්ශනාගාරයක් දැවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ විද්‍යුත් යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බවයි.

අදාළ ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් රෝහල්ගත කර ඇත.

මේ වන විට විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවයි.

මේ අතර ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ එම විද්‍යුත් යතුරුපැදි සඳහා භාවිතා කරන බැටරිවල තිබූ යම් යම් දෝෂ හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට මූලික විමඑර්ශනවලදී අනාවරණය වූ බවයි.

Exit mobile version