අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා මහතා අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අක්මාවේ ඇති වූ ආබාධයෙක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුගිය දින 15 ක පමණ කාලයක් නිවසේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.
ඔහු මිය යන විට 69 වියේ පසු වූ බව සඳහන්.
ජනප්‍රිය රංගන ශිල්පී මනෝ බාලා මහතා රූපවාහිනි ටෙලිනාට්‍ය 16 ක් , රූපවාහිනී චිත්‍රපට 3ක් අධ්‍යක්ෂණය , චිත්‍රපට 40 ක් සහ චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.
