ඉන්දීය නිළි අයිශ්වර්යා රායි ත් පැනමා පත්‍රිකා සිද්ධියේ

අද (20) සුපිරි ඉන්දීය නිළි අයිශ්වර්යා රායි “පැනමා පේපර්ස්” සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇත.

තමාට ලැබුණූ විදෙස් මුදල් British Virgin Islands හි ගිණුමක තැන්පත් කර ඇති බවයි එහි දී සඳහන්ව ඇත්තේ.

පසුගිය වසර 15 තුළ දී තමන්ට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් සම්බන්ධයෙන් තොරතුරු අදාළ බලධාරීන්ට ලබා දී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය “Enforcement Directorate” නිලධාරීන් විසින් විදේශ විනිමය නීති උල්ලංඝනය කළ බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් එහි දී ප්‍රශ්න කර ඇති බව ද වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කර ඇත.

Exit mobile version