ඉන්දු – ශ්‍රි ලංකා දේශසීමාවේ දී සැකසහිත නෞකාවකට සිදු වූ දේ.

HMS Kent carries out manoeuvres with French Ship FS Charles De Gaulle(not pictured) as the pair form part of Combined Task Force (CTF) 473 off the coast of Djibouti. HMS Kent entered the port of Djibouti for a five day stop as part of the Combined Task Force (CTF) 473. The task force was led into Djibouti by the French Aircraft Carrier, FS Charles De Gaulle.

ඉන්දීය නාවික හමුදාව විසින් ඉන්දු-ශ්‍රී ලංකා දේශසීමාව ආසන්නයේ දී සැකසහිත යාත්‍රාවකට වෙඩි තබා ඇත.

මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය නාවික හමුදාව අදාළ යාත්‍රාවට අවස්ථා කිහිපයකදී ම අනතුරු සංඥා නිකුත් කළ ද ඔවුන් ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් මෙසේ වෙඩි තැබීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එම වෙඩි තැබීමෙන් යාත්‍රාවේ සිටි එක් අයෙක් තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයක් ආධාරයෙන් රාම්නාතපුරම් රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

පසුව අනාවරණය වී ඇත්තේ එසේ තුවාල ලැබූ පුද්ගලයා තමිල්නාඩු ප්‍රාන්තයේ මලිලදුතුරෙයි දිස්ත්‍රික්කයේ ධීවරයෙක් බවයි.

කෙසේ නමුත් ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් සිදු කරමින් සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන ලෙසයි.

Exit mobile version