ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා සහය.

මෙරට මුහුදු තීරයේ නෞකා මගින් සිදු වන තෙල් කාන්දුවීම් නිරීක්ෂණය කිරීම සදහා චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වුණු ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාවක් ආරම්භ කිරීම උදෙසා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතියේ අරමුණු ලෙස ඉන්ධන කාන්දු වීම් කල්තියා හදුනා ගැනීමෙන් මහජන සෞඛ්‍යයට සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට ඇතිවිය හැකි අවදානම් සහ බලපෑම් අවම කිරිම මගින් මෙරට වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම , තෙල් කාන්දුවීම් හදුනා ගැනීම මගින් සමුද්‍ර දූෂකයන්ට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර මෙහෙයුම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද වැඩි දියුණු කිරීම , මෙරට මුහුදු තීරයේ නැව් ආශ්‍රිත තෙල් කාන්දුවීම් නිරීක්ෂණ යන්ත්‍රයක් ස්ථාපිත කිරීම වන බව සදහන් කරයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බවත් , මෙම ව්‍යාපෘතිය සදහා ප්‍රංශ ආර්ථික හා මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රදානයක් ලෙස යුරෝ 601, 810 ක් ලබා දීමට නියමිත බවත් , වර්ෂයක් සදහා බල පැවැත්වෙන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ ඉන්ධන කාන්දුවීම් නිරීක්ෂණ සේවාව ලබා ගැනීමට Collect ed Localization Satellites ( CLC ) හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර අත්සන් කිරීමට නියමිත බවත් අදාළ කැබිනට් පත්‍රිකාව විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙරටට විශාල ආදායමක් උපයා ගත හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version