ඉන්ධන ගැටුම්  (17)

අදත් රට පුරා විවිධ ස්ථානවල ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාව සහ ආරක්ෂක අංශද විවිධ ගැටුම් වලට මැදිව තිබේ.

බණ්ඩාරගම අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලට සතියකට පසු ඊයේ දිනයේ ඉන්ධන ලැබී තිබූ අතර, පොලිස් නිලධාරීන් ඉන්ධන ලබාගැනීමට යාමේදී මහජනතාව සහ පොලිසිය අතර දැඩි උණුසුම් තත්වයක් ඇති තිබිණි.

මීගමුවේදී ගුවන් හමුදාව සහ රාජ්‍ය සේවකයන් අතර ගැටුමක් ඇති වුයේ , රාජ්‍ය සේවකයන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණය මදි බවත්, වෛද්‍යවරුන් ඔවුන්ට ඇති තරම් ඉන්ධන ලබා ගන්නා බවත් පවසමින් මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කිරීමට යාමේදීය.  

මේ අතර මිද්දෙණිය – මුරුංගස්යාය සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සිදු වූ ගැටුමකින්

සිවිල් වැසියන් දෙදෙනෙකු සහ යුද හමුදා සෙබළෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා විය. 

ඩීසල් ලබා නොදීම හේතුවෙන් ත්‍රිකුණාමලය ප්‍රධාන බස් නැවතුම්පලේ පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්  උද්ඝෝෂණය නිරතව සිටිනවා.  ඒ, ඩීසල් ලබාදෙන බවට ත්‍රිකුණාමලය ඩිපෝව ලබාදුන් පොරොන්දුවක් කඩකළ බවට චෝදනා කරමිනි.    

විරෝධතාවයේ නිරත බස් රථ සේවකයන් බස් නැවතුම්පලට කිසිදු බස්රථයක් ඇතුල් කිරිමට හෝ පිටවීමට නොහැකිවන පරිදි උද්ඝෝෂණයක නිරතව සිටි බවට වාර්තා විය

Exit mobile version