ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ වසා දැමීමට මේ වන විට සිදුව ඇති බවත් ඒ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් හඳුන්වා දෙන ලද නව ගෙවීම් ක්‍රමවේදය හේතුවෙන් බවත් වාර්තා වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය දා හඳුන්වා දුන් මෙම නව ගෙවීම් ක්‍රමය අනුව ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දිනයේ තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම් සිදුකළ යුතුව ඇත.
පසුදා අවශ්‍ය ඉන්ධන තොගය සඳහා වන ගෙවීම් කටයුතු පෙරදා රාත්‍රී 09.30 පෙර සිදුකළ යුතු බවට නියම කර තිබුණ ද ඒසේ සිදු කිරීම අපහසු කටයුත්තක් බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සඳහන් කළේ.
එසේ මුදල් ගෙවීම් කටයුතු පෙර දින රාත්‍රී 09.30ට ප්‍රථම සිදු කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට ඉන්ධන නොලැබෙන බව ද ඔහු මෙහි දී පෙන්වා දී ඇත.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙසේ නියමිත පරිදි ඇනවුම් සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් දෛනිකව ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවයි.