ඉන්ධන පෝලිමේ සිටියදි මිය ගිය ප්‍රථම මරණය ඊයේ හවස 4 ට පමණ මහනුවරදී වාර්තා වූ අතර දෙවෙනි මරණය මීට සුලු මොහොතකට පෙර මාකොළ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී වාර්තා විය.
වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරෙක් වන මේ පුද්ගලයාගේ වයස අවුරුදු 70 ක් පමණ වන බව වාර්තා වන අතර ක්ලාන්තයක් හැදීමෙන් බිම ඇද වැටුණු ඔහු රාගම රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් තිබු බව අපගේ රාගම වාර්තා කරු පවසයි.
ඊයේ මහනුවර යටිනුවර වීදියේදී මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 70 ක් වන අතර දුගී දුප්පත් ජනතාව නිසි ලෙස කුසට අහරක්වත් නොමැතිව මෙසේ පෝලිම් වල සිටී. ඔවුන්ගේ මානසික මෙන්ම කායික පීඩාවන් ඉතා ඉහල මට්ටමක පවතින අතර ඔවුන්ට තිබෙන ප්‍රශ්න හේතුවෙන් දැවැන්ත ජීවන අරගලයක යෙදීමට ඔවුන්ට සිදුව තිබේ.
