ඉන්ධන බවුසර් සහ ටිපර් රථත් වර්ජනයේ. ඉන්ධන ප්‍රවාහනය නවතී.

මේ මොහොත වන විට විවිධ කොන්ත්‍රාත් මත තම සේවය සපයන ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ සහ භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථද වැඩ වර්ජනයක නිරත වේ.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ වැඩි වන ඉන්ධන මිලට සරිලන සේ ප්‍රවාහන ගාස්තුද වැඩි විය යුතු බවයි.

කෙසේ වුවත් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ සදහා ලබන අප්‍රේල් පළමු වනදා සිට ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන ප්‍රවාහන බවුසර් මගින් තෙල් ප්‍රවහනාය සිදු කරන අතර ගාස්තු වැඩි වීම 60% කින් ලබා දෙන ලෙස ඔවුන් එම ඉල්ලීම කර තිබේ.

මේ අතාර විවිධ ආයතන වල භාණ්ඩ ප්‍රවාහනය කරන ටිපර් රථ සහ ලොරි රථද විශාල ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව තිබෙන්නේ ඉන්ධන මිල වැඩි වීම නිසා ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලමිනි.

ඊට සමගාමීව සියලුම භාණ්ඩ නිෂ්පාදන මිලද වැඩි වන බැවින් භාණ්ඩ මිලද ඉහල යනු ඇත.

Exit mobile version