ඉන්ධන මිල සම්බන්ධයෙන් ඉල්ලීමක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් රජයේ පාර්ශවයන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

ඔහු සඳහන් කළේ මේ වන විට ලෝකක වෙළඳපොළ තුළ බොරතෙල් මිල ඉහළයාම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවය දැඩිව මතුව ඇති බවයි.

විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ,මෙම තත්ත්වය තුළ ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු නව මිල ගණන් ද සඳහන් කරමින් යළි දැනුවත් කළ බව ද සභාපතිවරයා මෙහි දී ප්‍රකාශ කර ඇත.

පසුගිය දා ලංකා අයි.ඕ.සී සමාගම විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවර ගත් අතර ඉන් අනතුරු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බවට පසුගිය දා රජය වෙත දැනුම් දී තිබුණි.

Exit mobile version