ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩු වීඹක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය විසින් කරුණු පැහැදිලි කළ යුතුව ඇති බවයි.
විෂයභාර අමාත්‍යවරයා මීට ඉහත දී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කරන බවට සඳහන් කළ බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අමාත්‍ය කංචන විජේසේකර මහතා පොරොන්දු වූ පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක කළයුතු බවයි.
