ඉම්රාන් ඛාන් හට මාධ්‍ය තහනමක්

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට සියලුම පාකිස්ථාන රෑපවාහිනී මාධ්‍ය නාලිකා සදහා තහනමක් පනවා ඇත්තේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමෙන් සිදුකළ වෛරී ප්‍රකාශ හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඉම්රාන් ඛාන් විසින් සිදු කල මෙම වෛරී ප්‍රකාශන හේතුවෙන් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අගතියක් සහ මහජන සාමයට එල්ල විය හැකි බාධාවන් හේතුවෙන් පාකිස්ථාන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

තවද ඔහුගේ වත්කම් ප්‍රකාශ කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කල පැමිණිල්ලක් විභාග කිරීමට නොපැමිණීම හේතුවෙන් පාකිස්ථාන අධිකරණයක් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වේ.

Exit mobile version