ඊයේ (28) උඝෝෂන කිහිපයක් සහ අද (29) දවසේ විශේෂ සිදුවීම්.

ඊයේ දවසේ ශ්‍රී ලංකාව පුරාම දැවැන්ත වැඩ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්විණි. සමස්ත සාමාන්‍ය ජනතාවම මේ හේතුවෙන් පීඩාවට පත් වූ අතර රාජ්‍ය සේවකයන් කෙරෙහි තව දුරටත් අප්‍රසාධය ඇති කරලීම මෙම උද්ඝෝෂණය සමත් වුයේ මේ වන විටත් අරගල කරමින් ජනාධිපතිට, අගමැතිට මෙන්ම රජයට ගෙදර් යන්නයි බලපෑම් කරනුයේ සාමාන්‍ය ජනතාව බැවිනි.

ඒ අතරේ ඉන්ධන පෝලිමක තවත් මරණයක් වාර්තා විය.

උද්ඝෝෂණ සියල්ලම ඉතාම සාමකාමී ලෙස පැවතුනු නමුත් මහනුවර රාජ්‍ය සේවකයන් අතර ගැටුමක් ඇති විය.

සමස්ත ලංකාව පුරාම පැවති අරගලවලින් ඇඹිලිපිටිය, ගොඩකවෙල, මහනුවර, කොග්ගල, ආදී ප්‍රදේශ කිහිපයක වැඩ වර්ජිතයන්ගේ වීඩියෝ කිහිපයක් පහතින් බලන්න.

ගොඩකවෙල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ සේවකයන්

ඇඹිලිපිටිය සියලුම රාජ්‍ය සේවක එකමුතුව.

මහනුවර සියලුම රාජ්‍ය සේවක එකමුතුව ( ඔවුන් අතර ආරවුලක්ද ඇති විය )

කොග්ගල නිදහස් වෙළද කලාපය  සහ කොළඹ  ජාතික රෝහල් කාර්යමණ්ඩලය

ඒ අතර ඊයේ දිනය පුරාම තවත් අවධානයක් යොමුව තිබුනේ රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත් අඩංගුවට නොගැනීමයි. කෙසේ වුවත් ඊයේ රාත්‍රී වන විට එම පොලිස් නිලධාරින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි. ඒ රහස් පොලිසිය විසිනි.

ඒ අතර අද උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව නියෝජනය කල, මේ වෙද්දී ස්වාධීනව සිටින පක්ෂ 11 ක් නායකයන් සමග අනත්ර්වාර රජයකට එකඟතාවය පළකර තිබේ.

ඒ අතර අද උදෑසන අරලියගහ මන්ධිරය ඉදිරිපිට පිහිටුවා තිබෙන අරගල භුමියේ තරුණයන්ට පහර දීමාට පොලීසිය කටයුතු කර තිබු අතර, එහිදී පොලිස් නිලධාරියෙකුගේ තරුණයන්ට තර්ජනය කරන අකාරයද දැක ගත හැකි විය. පොලිස් පහරදීම නිසා එක් තරුණයෙකු රෝහල් ගත කර තිබේ.

ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ ත්ර්ජනය කිරීම් සහ ඔවුන් පහර දුන් බවට කියවෙන වීඩියෝ බලන්න.

Exit mobile version