කාන්තාවක් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කල සැකකරුවන් දෙදෙනකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.
පැමිනිල්ල ලබා දුන් කාන්තාවද එම වංචනිකයන් හට හසුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වංචනිකයන් විසින් සාත්තු සේවිකාවන් ලෙස ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා කාන්තාවන් පිරිසකට දියත උයන ප්‍රදේශයට පැමිණෙන ලෙස දන්වා ඇති අතර එහි කාන්තාවක් මෙපිලිබදව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කොට ඇතිබවත් ඒ අනුව එම කාර්යාංශයේ කපිල කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකොට මොහුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ.
සැකකරු සන්තකයේ ව්‍යාජව සකසනලද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංචන සහිත ලිපි ලේකන තිබී සොයාගෙන ඇති බවයි සදහන් වන්නේ.
