උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15ක්‌ අවහිර වෙලා

මාධ්‍යම කදුකරයට කඩා හැලෙන දැඩි වර්ෂාවත් සමගම උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15 පමණ ගල්, පස් කදු සහ ගස් කඩා වැටී මාර්ගය අවහිරව තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා යුධ හමුදාවේද සහාය ඇතිව එම මාර්ගයන් නැවත සකසමින් තිබෙන අතර සමහර ස්ථාන නායයාම් වලටද ගොදුරුව තිබෙන බවද වාර්තා වේ.

Exit mobile version