ගිනි අවි වලට යොදන උණ්ඩ සහිතව කොළඹ තරු පහේ හෝටලයකට ඇතුළු වූ සිසුවෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකාර සිසුවා එම තරුපහේ හෝටලයේ පිහිටි ආයතනයක පවත්වාගෙන යන අරක්කැමි පාඨමාලාවක් හදාරන සිසුවෙක් වන අතර ඔහුගේ බෑගයේ තිබී m 16 වර්ගයේ ජීව උණ්ඩයක් ද , වර්ගය නොදන්නා ගිනිඅවියක හිස් කොපුවක් ද තිබී සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර සැකකාර සිසුවා අද (09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ .
