උතුම් වූ සඳහිරු සෑ රාජයාණන් වහන්සේ අද සසුනට පුද කෙරෙයි

30වසරක් පැවති කුරිරු යුද්ධයෙන් අප රට ජාතිය බේරා ගැනීම සඳහා සිය දිවි කැපකර වෙහෙසුනු රණවිරුවන් සිහිපත් කර මින් ඉදිවූ සඳහිරු සෑ චෛත්‍යරාජයා අද (18) දිනයේ මහ සංඝරත්නය වෙත පූජා කිරීම සිදු වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් පරිදි ඉදිකෙරුණු මෙම සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේත් ,අග්‍රාමාත්‍ය මහිනද් රාජපක්ෂ මහතාගේත් සහභාගීත්වය ඇතිව මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතව ඇත.

මෙම වෙහෙර වහන්සේගේ ඉදිකිරීම් කටයුතු 2010 වසරේ ආරම්භ කෙරුණු අතර මෙය පොළවේ සිට අඩි 283ක් උසකින් යුක්තව පොළව මට්ටමේ සිට අඩි 45ක් යට සිට ගොඩ නංවා ඇත.

පසුගිය දිනක මහා සංඝරත්නයේ ප්‍රධානත්වය ඇතිව මෙහි චූඩා මාණික්‍ය පැලඳවීමේ කටයුතු සිදුකෙරුණි.

එමෙන් ම ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු සඳහිරු සෑ චෛත්‍යරාජයා අද දිනයේ සිට ජනතාවට වැදුම් පිදුම් කිරීම සඳහා විවෘත කෙරෙන බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ.

Exit mobile version