ඉදිරි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන අයුරින් පහළ බසින බවත් , උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ යන බවත් මහ බැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා අද (4) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
“ලබන මාසයේ සිට උද්ධමනය තවදුරටත් පහතවැටීමට පැහැදිලිවම බලපාන හේතූන් කිහිපයක් දැකිය හැකියි. මෙම ප්‍රවණතා ගමන්මඟ දෙස බැලූවිට ලබන මාසයේදී උද්ධමනය පසුගිය මාස දෙකට වඩා කැපී පෙනෙන ලෙස පහත වැටේවී. එම ප්‍රවණතාව ඉදිරියටත් ක්‍රියාත්මක වේවි. උද්ධමනය පහත වැටීම වේගවත්වීමට ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම මෙන්ම ඉන්ධන, ගෑස් ආදියේ මිල අඩුවීමද බලපාන බව පැවසිය හැකියි. මේ වසර අවසන් වනවිට උද්ධමනය තනි අගයක් දක්වා පහත වැටෙනු ඇති බවට අප තුළ විශ්වාසයක් පවතින්නේ මේ නිසයි.”
