උද්ධමනය පසුගිය මස තුළ දී යළි ඉහළට

ජනවාරි මාසය තුළ දී මෙරට උද්ධමනය යළිත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව ජනවාරි මස තුළ දී උද්ධමනය 14.2% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

දෙසැම්බර් මාසයේ උද්ධමනය සඳහන්ව තිබුණේ 12.1%ක් ලෙස වන අතර ජනවාරි මස තුළ දී ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ඉහළ ගොස් ඇත.

දෙසැම්බර් මස ආහාර කාණ්ඩයේ උද්ධමනය 22.1% ක් වූ අතර එය ජනවාරි මාසයේ 25% දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

එමෙන්ම දෙසැම්බර් මස ආහාර නොවන කාණ්ඩයේ 7.5%ව පැවති උද්ධමනය ජනවාරි මස වන විට 9.2% දක්වා ඉහළ ගොස් ඇත.

මහ බැංකුව සඳහන් කළේ ජනවාරි මාසයේ දී සහල්, පළතුරු, කිරිපිට සහ පාන් මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතු වී ඇති බවයි.

Exit mobile version