උසස්පෙළ සිසුවියකගෙන් විභාග පරීක්ෂකවරයාට එරෙහිව පැමිණිල්ලක් .

මාතලේ ප්‍රදේශයේ ජාතික පාසලක පසුගිය ජනවාරි 27 වැනිදා උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක් තම විභාග ශාලාවේ සිටි විභාග පරීක්ෂකවරයාට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුවතක් වාර්තා වේ.තර්ක ශාස්ත්‍ර ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙමින් සිටියදී පිළිතුරු ලිවීම සදහා  විභාග පරීක්ෂකවරයාගෙන් වැඩිපුර පිළිතුරු පත්‍ර ඉල්ලා සිටි අවස්ථාවේ විභාග පරීක්ෂකවරයා ප්‍රතිචාර දැක්වූ ආකාරය හේතුවෙන් සිසුවියට විභාගය ලිවීමට බාධා වූ බව සහ තමාට විෂය කරුණු අමතක වූවා යැයි කියා විභාග පරීක්ෂකවරයාට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලීසිය මගින් විමර්ශන කටයුතු සිදු කරන බව ප්‍රකාශ කරයි.

Exit mobile version