2019 ,2020 සහ 2021 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සදහා උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සදහා පොලී රහිත ණය ලබා ගැනීම සදහා අයදුම් කිරීමට අද (04) සිට හැකියාව පවතින බව වාර්තා වේ.
ඒ අනුව සිසුන් 5000කට රජය පොලී රහිත ණය ලබා දීමට නියමිත බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.
රැකියා ඉලක්ක කරගත් පාඨමාලා හැදෑරීමට අදහස් කරන සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන මෙම ක්‍රමවේදයේ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජූලි 7 වැනිදා බව සදහන්.
ණය යෝජනා ක්‍රමය සදහා කිසියම් තරගයක් මතු වුවහොත් එය සිසුන්ගේ ඉසෙඩ් අගය අනුව තීරණය කරන බවද සදහන්.
