උසස් අධ්‍යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමක්.

උසස් අධ්‍යාපන විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් හඳුන්වා දෙන බවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කළ බව වාර්තා වේ.

උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් බවට රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ වන විටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා සිදු කරමින් සිටින බව ද එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version