උසස් පෙළ ඇගයීම් කටයුතු ප්‍රමාද වේ.

උසස් පෙළ විභාග කටයුතු අවසන් වී සති දෙකක කාලයක් ගත වුවද ඇගයීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සදහන් කළේ ඇගයීම් කටයුතු සදහා යෝජනා කල ගෙවීම්වලින් රුපියල් දහසක් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවය.

මේ අතර අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සදහා රුපියල් 2000ක දෛනික දීමනාවක් ගෙවීම සදහා අනුමැතිය ලැබී ඇති බවත් උත්තර පත්‍ර පරීක්ෂකවරුන් බදවා ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මාර්තු මස 8 වනදා දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව විසින් සදහන් කර තිබේ.

Exit mobile version