උසස් පෙළ ඇගයීම් වලට 6000ක ගුරු හිගයක්.

උසස් පෙළ විභාග ඇගයීම් කටයුතු සදහා ගුරුවරුන් 19,000ක පමණ ප්‍රමාණයක් අවශ්‍යව තිබුණත් මේ වන විට එම ඇගයීම් කටයුතු සදහා ලැබී ඇත්තේ අයදුම්පත් 13,000කට ආසන්න ප්‍රමාණයක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරන ලදී.

එම නිසා පසුගිය අට වනදායින් අවසන් වීමට තිබූ මෙම අයදුම්පත් භාර ගැනීමේ කාලය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූ බව කොමසාරිස්වරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.

එමෙන්ම ප්‍රධාන වශයෙන් විද්‍යා විෂය ධාරාවේ ඇගයීම් කටයුතු සදහා ගුරුවරුන්ගේ හිගයක් පවතින බවත් ඇගයීම් කටයුතු සදහා තවත් ගුරුවරුන් 6000කගේ පමණ අඩුවක් පවතින බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කරන ලදී.

Exit mobile version