මේ වන විට ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින වෘත්තීය ක්‍රියාමාර්ග නිසා පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා බධා එල්ල වීම හේතුවෙන් 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිර්‍රිම ප්‍රමාද විය හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසුල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගුරුවරු මේ ලෙස දිගින් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත වුවහොත් 2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දින වකවානු නැවත වතාවක් යාවත්කාලීන කිරීමට සිදු වන බවයි.
